අප ගැන
Sisu Academy ගැන
එක්ව ඉගෙන ගනිමු. එක්ව පෙරට යමු.
ආදරණීය දුවේ, පුතේ,
අද ලබන පුහුණුව, හෙට ඔබේ විශිෂ්ටත්වයටයි!
ඔබ මේ සූදානම් වන්නේ ඔබේ පාසල් දිවියේ තීරණාත්මක කඩඉමක් වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමටයි. ඒ ගමන සාර්ථක කරගැනීමට අවශ්‍ය දැනුම, නිවැරදි පුහුණුව මෙන්ම නොසැලෙන ආත්මවිශ්වාසය ද ඔබට ලබා දීමේ අරමුණින් Sisu Academy අපගේ ආචාර්ය මණ්ඩලය එක්ව මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව ඔබ වෙනුවෙන්ම සකස් කළෙමු.
විභාග ශාලාවට යාමට පෙර ඔබේ දැනුම නිවැරදිව මැන බැලීමටත්, වැඩි අවධානයක් යොමු කළ යුතු පාඩම් හඳුනා ගැනීමටත්, නියමිත කාලය මනාව කළමනාකරණය කරගනිමින් පිළිතුරු ලිවීමට හුරුවීමටත් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. එක් එක් ප්‍රශ්න පත්‍රයට සම්පූර්ණයෙන්ම පිළිතුරු ලියා අවසන් වූ පසු, ඒ සමඟ ඇති ලකුණු ලබා දීමේ පටිපාටිය හොඳින් අධ්‍යයනය කරමින් ඔබේ අඩුපාඩු හඳුනාගෙන ඔබේ ප්‍රගතිය ඔබම තක්සේරු කරගන්න.
අපගේ මෙහෙවර — ගුණාත්මක අධ්‍යාපනයක් සැමට.
සෑම දරුවෙකුටම තම සහජ හැකියාවන් ඔප්නංවා ගනිමින් තම සිහින ජය ගැනීමට සාධාරණ, ගුණාත්මක ඉගෙනුම් අවස්ථා හිමි විය යුතු බව අපි තරයේ විශ්වාස කරමු. සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ආයතන එකම ඉගෙනුම් ප්‍රජාවක් ලෙස එක්තැන් කරන ලංකාවේ ප්‍රථම LearnVerse එක හඳුන්වා දෙමින්, දැනුම බෙදාගනිමින් එක්ව ඉදිරියට යන නවමු අධ්‍යාපනික අත්දැකීමක් Sisu Academy තුළින් අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ නිසාවෙනි.
නිරන්තරයෙන් පුහුණු වන්න. වැරදි හෝ අඩුපාඩු දුටු විට නොසැලී ඒවා නිවැරදි කරගනිමින් නැවත නැවතත් උත්සාහ කරන්න. ඔබ අද කැපවීමෙන් තබන සෑම කුඩා පියවරක්ම, හෙට ඔබේ ජීවිතය ආලෝකමත් කරන විශිෂ්ට ජයග්‍රහණයකට මඟ විවර කරනු ඇත.
ඔබේ ඉදිරි විභාග කටයුතු මෙන්ම සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
මෙයට,
ආචාර්ය මණ්ඩලය සහ කණ්ඩායම
Sisu Academy
